ලක්ෂ 40 ක රන් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

Thursday, 21 April 2016 - 10:21

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+40+%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් ලක්ෂ 40 ක වටිනාකමකින් යුත් රන් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලූයම අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

රන් තොගය රාජසන්තක කර ඇති අතර සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියමකර තිබෙනවා.