නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු OIC මැයි 05 වෙනිදා දක්වා රිමාන්ඩ්

Thursday, 21 April 2016 - 15:33

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+OIC++%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+05+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියේ විමර්ශනවලට අදාළ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සාක්ෂි වසන් කිරීමේ චෝදනා එල්ල වූ නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා රහස් පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා.