දිනකට පැය 4 ක විදුලි කප්පාදුවක්

Friday, 22 April 2016 - 11:24

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+4+%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පැය 4 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට වෙනිසියුලා රජය තීරණය කර තිබෙනවා.

ඒ බලශක්තිය ඉතිරිකර ගැනීමේ අරමුණින්. විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ වෙනිසියුලාව මේවන විට දැඩි බලශක්ති අර්බුධයකට මුහුණපා ඇති බවයි.

ඒ අනුව ලබන සතියේ සිට දිනකට පැය 4 ක් එරට විදුලිය කපා හැරෙනු ඇති.

මේවන විට වෙනිසියුලාව දැඩි නියගයකට ගොදුරුවී සිටිනවා.

ඒ හේතුවෙන් විදුලි බලාගාර රැසක උත්පාදන කටයුතු සීමා වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතව ඇත්තේ දින 40 ක කාලයක් සඳහායි.

ඉන්ධන මිළ පහත වැටීමෙන් බලපෑම් එල්ලවු වෙනිසියුලා ආර්ථිකයට නියගයෙන් ද දැඩි බලපෑමක් සිදුව තිබෙනවා.

කෙසේවෙතත් රාත්‍රී 8 ත් මධ්‍යම රාත්‍රියත් අතර කාලයේදී විදුලිය කප්පාදු නොකරන බවයි වෙනිසියුලා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.