අත්හල යුතු පුරුදු 3 ක් ගැන නව පොලිස්පතිගෙන් උපදේශයක්

Friday, 22 April 2016 - 12:19

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොලිසියේ අනන්‍යතාව සහ ගෞරවණීයත්වය යළි තහවුරු කිරීම සදහා සියලූම පොලිස් නිලධාරින් කරුණු 3 ක් පිටුදැකිය යුතු බව නව පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

එහිදී ඔහු කියා සිටියේ අයථා ආදායම් මාර්ගවලින් මිදීම මත්ද්‍රව්‍ය වැටලීම්වලදී දුෂණයෙන් තොරවීම සහ චරිතය පිරිසිදුවීම එම කරුණු තුන බවයි.

නව පොලිස්පතිවරයා පිළිගැනීමේ උත්සවයක් පොලිස් මූලස්ථානයේදී අද (22)උදෑසන පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාවේ 34 වන පොලිස්පතිවරයා වෙනුවෙන් සම්මාන පෙළපාලියක් ද පැවැත්වුණා.

ඉන් අනතුරුව පොලිස් නිලධාරින් අමතමින් නව පොලිස්පති පූජිත් ජයසුන්දර අවධාරණය කළේ මෙරට පොලිසියට ඇති කළු පැල්ලම් ඉවත් කිරීමේ කාර්යභාරය ආරම්භ කළ යුතු බවයි.

ශ්‍රී ලංකා පොලිසිය දෙපාර්තමේන්තු සංකල්පයෙන් බැහැර විය යුතු බවයි නව පොලිස්පතිවරයා මෙහිදී අවධාරණය කළේ.