උසස් පෙළ බක්මහට මාරුවෙන ලකුණු

Friday, 22 April 2016 - 12:21

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B6%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%84%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
දැනට අගෝස්තු මාසයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අප්‍රේල් මාසයේ දී පැවැත්වීම පිළිබද අවධානය යොමු වී ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු පවසනවා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී  අමාත්‍යවරයා කියා සිටියේ උසස් පෙළ විභාගයෙන් පසුව විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වා සිසුන් නිකරුනේ කාලය ගත කිරීම අඩු කර ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවයි.

මෙම යෝජනාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙන්ම විභාග දෙපාර්ගමේන්තුවේ ද අනුමැතිය හිමි වි ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ අතර ලබන වසරේ සිට විශ්ව විද්‍යාලවලට සිසුන් බදවා ගැනිම සියයට 10 කින් පමණ වැඩි කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.