Update : පොලිස් නිලධාරියාගේ කන සපා කෑ පුද්ගලයා හඳුනා ගැනේ

Saturday, 23 April 2016 - 8:38

Update+%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B1+%E0%B7%83%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%91+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
මහියංගනය - සේනාර ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවකදී මහියංගනය පොලීසියේ නිළධාරියෙකුගේ කන සපා කෑමේ සිද්ධියේ සැකකරු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් යොදවා ඇති අතර, සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව ද සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සැකකරු, යුද හමුදාවෙන් ඉවත් වූ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි.

ඊයේ රාත්‍රියේ අදාළ වැටලීමට පැමිණි අවස්ථාවේ මෙලෙස තුවාල ලැබූ පොලිස් නිලධාරියා තවදුරටත් මහියංගනය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.


Update : Saturday, April 23, 2016 12.06
------------------------------------------------


නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවකදී එය පවත්වාගෙන ගිය සැකකරු, පොලිස් නිලධාරියෙකුගේ කන සපා කෑමේ සිද්ධියක් මහියංගනය - සේනාර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ රාත්‍රී 8ට පමණ මහියංගනය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු මෙම නීතිවිරෝධී මත්පැන් වැටලීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ.

සිද්ධියෙන් අනතුරුව සැකකරු පළා ගොස් තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් නිලධාරියා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන්.