ස්වීඩන විදේශ ඇමතිනිය හෙට දිවයිනට

Saturday, 23 April 2016 - 13:07

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ස්වීඩනයේ විදේශ කටයුතු ඇමතිනි මාග්‍රට් එළිසබත් වෝලස්ට්‍රෝම් දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.

විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ ආරාධනයක් මත ඇය මෙලෙස දිවයිනට පැමිණෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ස්වීඩනයේ විදේශ කටයුතු ඇමතිනිය සමඟ එරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් රැසක් ද මෙම සංචාරයට එක්වන බව සඳහන්.

මෙම සංචාරය අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ස්වීඩනයේ විදේශ කටයුතු ඇමතිනියත් සමඟ මෙම සංචාරයට එක්වන එරට ප්‍රධාන පෙලේ සමාගම් 7ක නියෝජිතයින් එක්වන අතර, ඊට එරික්සන් සහ වෝල්වෝ ආයතනවල නියෝජිතයින් ද ඇතුළත්.

ලබන 26 වන දා  යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක ද නිරත වන විදේශ කටයුතු ඇමතිනිය එහිදී උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ සමඟ ද සාකච්ඡාවක නිරත වීමට නියමිතයි.

ඊට අමතරව උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ද මුණ ගැසී සාකච්ඡා පවත්වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.  

ස්වීඩනයේ විදේශ කටයුතු ඇමතිනියගේ යාපනය සංචාරයේදී සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ද මුණ ගැසෙන අතර එහිදී උතුරේ අවතැන් කඳවුරු ද නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතයි.