ජාතික සේවක සංගමයේ සභාපති වැඩ අරඹයි

Saturday, 23 April 2016 - 13:15

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
මෙවර මැයි දින රැළිය එක්සත් ජාතික පක්ෂයට තීරණාත්මක බව ජාතික සේවක සංගමයේ නව සභාපති, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

අද පෙරවරුවේ පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ දී නව තනතුරේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

උත්සවය ඇමතූ ජාතික සේවක සංගමයේ නව සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ තමන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ නැවකට ප්‍රශ්න තිබෙන බවයි.

මෙම උත්සවයට එක්වෙමින් තමාගේ ප්‍රාර්ථනයක් පිළිබදව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබද අමාත්‍ය ජෝන් අමරතුංග හෙළි කළා.

එහිදී ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනපති වනු දැකීමට තමන් කැමැති බවයි.

කෙසේ වෙතත්, ඉදිරි ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන්ද ඔහු එහිදී ප්‍රශ්නයක් මතු කළා.