හිටපු ජනපතිගෙන්, ජවිපෙන් යෝජනා තවම නැහැ

Sunday, 24 April 2016 - 13:09

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
අලූතෙන් සකස් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් යෝජනා ඉදිරිපත් කර නොමැති බව ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සදහා පත් කළ කමිටුවේ සභාපති නීතීඥ ලාල් විජේනායක පවසනවා.

යෝජනා ලබාදෙන ලෙස අවස්ථා දෙකකදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීම් කළ ද මේ දක්වා ප්‍රතිචාර ලැබී නොමැති බවයි ඔහු කියා සිටියේ.

නව ව්‍යවස්ථාව සඳහා මහජනතාවගේ යෝජනා විමසීම මෙම කමිටුව ආරම්භ කළේ පසුගිය ජනවාරි මස 18 වනදායි.

දීප ව්‍යාප්තව ජනතා අදහස් විමසීමෙන් පසු සකස් කෙරෙන අවසන් වාර්තාව මේ මස අවසානයේදී ජනාධිපතිවරයා වෙත සහ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට භාර දෙන බවයි මීට පෙර ප්‍රකාශ වුණේ.

කෙසේ නමුත්, මෙම අවසන් වාර්තාව ලබාදීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව නව ව්‍යවස්ථාවක් සම්පාදන කිරීම සදහා මහජන අදහස් විමසීමට පත් කළ කමිටුවේ සභාපති නීතීඥ ලාල් විජේනායක සදහන් කළා.

උතුරේ දේශපාලන පක්ෂවලින් ද මෙම කමිටුව අදහස් විමසා ඇති අතර, ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම, දෙමළ ජාතික සන්ධානයේ ද අදහස වී ඇති බවයි නීතීඥ ලාල් විජේනායක කියා සිටියේ.