ඉක්වදෝර භූ කම්පනයේ මරණ සංඛ්‍යාව 650 දක්වා ඉහළට

Sunday, 24 April 2016 - 14:00

%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%AF%E0%B7%9D%E0%B6%BB+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+650+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
පසුගිය සතියේ ලතින් ඇමරිකානු ඉක්වදෝර රාජ්‍යයේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7 යි දශම 8 ක භූ කම්පනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 654 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 58 දෙනෙකු අතුරුදන් වූවන් ලෙසයි එහිදි හඳුනාගෙන ඇත්තේ.

සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 113 දෙනෙකු බේරා ගැනීමට ඉක්වදෝර ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත් වුණා.

මේ අනුව 1999 වසරෙන් පසු ලතින් ඇමරිකාවේ සිදුවූ වැඩිම හානියක් සිදුකළ භූ කම්පනය වන්නේ ඉක්වදෝර භූ කම්පනයයි.

1999 වසරේ පේරු රාජ්‍යයේ සිදුවූ භූ කම්පනයෙන් පුද්ගලයන් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.