ෆෙඩරල් යෝජනාවට ඇමති රිෂාඩ්ගේ විරෝධය

Monday, 25 April 2016 - 7:15

%E0%B7%86%E0%B7%99%E0%B6%A9%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
උතුරු සහ නැගෙනහිර පළාත් එක් කර දෙමළ ජනතාව වෙනුවෙන් ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපනය කිරීම සදහා උතුරු පළාත් සභාවට ඉදිරිපත් වූ යෝජනාවට තම පක්ෂය විරුද්ධ බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ වව්නියාව - නෙළුම්කුලම ප්‍රදේශයේ ඊයේ (24) පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර උතුරු - නැගෙනහිර අර්බුදයට දෙමළ ජනතාව ඉල්ලා සිටින ෆෙඩරල් පාලන ක්‍රමය එදා කොටි සංවිධානය ඉල්ලා සිටි වෙනම රාජ්‍ය පාලන ක්‍රමයක් නොවන බව දෙමළ මහජන සභාව පවසනවා.

තමන් දෙමළ ජනයා වෙනුවෙන් ඉල්ලා සිටින්නේ ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන ෆෙඩරල් පාලනයක් පමණක් බවයි දෙමළ මහජන සභාවේ ප්‍රකාශක නීතිඥ පී පුවිතරන් සඳහන් කළේ.