ඒකාබද්ධ විපක්ෂයේ රැළියට එක්වන්නැයි ජනපතිටත් ආරාධනා

Monday, 25 April 2016 - 13:12

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F
ඒකාබද්ධ විපක්ෂය කිරුළපන පවත්වන මැයි රැළිය සදහා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (25) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මැයි රැළිය පැවැත්වීම සදහා වෙන් කර ගත් නාරාහේන්පිට ශාලිකා කිී‍්‍රඩාංගනය ලබා නොදීමට ප්‍රවාහන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි.

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා කියා සිටියේ තමා සහභාගි වන මැයි රැළිය පිළිබදව තවමත් තීරණයක් ගැනීමට හිටපු ජනාධිපතිවරයාට හැකියාව පවතින බවයි.