ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ආයෝජකයෙකු සොයයි

Tuesday, 26 April 2016 - 12:51

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉදිරියට පවත්වාගෙන යා හැකි ආයෝජකයෙකු සොයා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා පුවත්පත් දැන්වීම් පළ කරන බවයි අරලියගහ මන්දිරයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව මේ වනවිට පවතින ණය මුදල රුපියල් බිලියන 460 ක්.

එම සියලූ ණය රජයට පවරා ගැනීමටද තීරණය කළ බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

පියවරෙන් පියවර ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැටී ඇති අර්බුදයෙන් ගොඩ නැගීම රජයේ අරමුණ බවද ඔහු සඳහන් කළා.