ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදයක්

Tuesday, 26 April 2016 - 12:54

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පැරණි කණ්ඩායම නැවත කරළියට ගෙන ඒමෙන් ඒ්කාබද්ධ විපක්ෂය තුල මේ වනවිට අර්බුදයක් ගොඩනැගී ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නිදහස් පක්ෂය විසින් ගාල්ලේ පවත්වන මැයි රැළිය පිළිබදව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මාධ්‍ය හමුවට එක්වූ සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තීරණයක් ගැනීමට තවමත් කාලය පවතින බවයි.