කෝටි හතරේ කේරළ ගංජා තොගය වැටලු හැටි (ඡායාරූප)

Tuesday, 26 April 2016 - 15:16

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%99%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නවගත්තේගම වන්නි අමුණුකොලේ ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් මගහැර පළා යාමට උත්සාහ කල සුඛෝපභෝගී මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය හමුවී ඇත්තේ.

උප්පුකුලම් ප්‍රදේශයේ පදිංචි සැකකරුව්න දෙදෙනා යාපනයේ සිට කොළඹ දක්වා ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සාලියවැව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් මෝටර් රථය නවතන ලෙසට අණ කල ද එය නොතකා පළා යමින් සිටියදී නවගත්තේගම පොලිසියට ලැබුනු තොරතුරක් මත වැටලීම සිදුකර තිබුනා.

අප වාර්තාකරු සඳහන් කලේ පොලිසිය මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට කල මෙහෙයුමේදී සැකකරුවන් පැමිණි මෝටර් රථයට සමාන තවත් මෝටර් රථයක් පොලිස් නිලධාරීන් නොමග යැවීමට ද යොදවා තිබු බවයි.

කෙසේවෙතත් පොලිසිය අදාළ මෝටර් රථය වන්නි අමුණුකොළ ගම්මානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි තිබී කේරළ ගංජා කිලෝ 220 කට ආසන්න ප්‍රමාණයක් හමුවී ඇතැයි සඳහන්.

ඒවායෙහි වටිනාකම රුපියල් කෝටි 4 කට අධිකයි. මෝටර් රථයේ පැමිණි සැකකරුවන් දෙදෙනා පළා යමින් සිටියදී වන්නියාගම රක්ෂිත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුනා.

සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.





    

ඡායාරූප - පුත්තලම  හිරාන් ප්‍රියංකර