පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීමේ ප්‍රතිඵලය සියලූ පාක්ෂිකයන් හොඳින් දන්නා බව නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
නිදහස් පක්ෂ නව ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් තෝරා පත්කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණවලට සහභාගිවීමෙන් අනතුරුව ඊයේ මාධ්‍ය අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එම අවස්ථාවට එක්වු නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ඉතිහාසයේ තිබෙන සාර්ථකම මැයි රැලිය මෙවර ගාල්ලේ පැවැත්වෙන බවයි.
සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ එම කටයුතු සිදුකෙරෙන අතරතුර අවස්ථා කිහිපයකදීම විදුලිය විසන්ධිවීම හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ල වුණා.
සම්මුඛ පරීක්ෂණය සදහා එක්වු අමාත්‍ය එස් බී දිසානායක කියා සිටියේ ගාල්ලේ පැවැත්වෙන මැයි රැලියට බස් දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පැමිණෙන බවයි.