විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක්

Wednesday, 27 April 2016 - 12:40

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ජාතිවාදී වැඩපිළිවෙලක් ගෙන යන බව පවසමින් පක්ෂ නායකවරු 06 දෙනෙකු විපක්ෂ නායක කර්යාලය ඉදිරිපිට අද (27) පෙරවරුවේ සත්‍යග්‍රහයක නිරතවුණා.

එහි සිටි හිරු වාර්තාකරු සදහන් කළේ විපක්ෂනායක කාර්යාලය ඉදිරිපිට ගේට්ටුව අවහිර වන ලෙස බිම හිද ගනිමින් මොවුන් මෙම සත්‍යග්‍රහයේ නිරත වු බවයි.

නව සිහල උරුමය, අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ, එක්සත් ලංකා මහ සභාව, ජනසෙත පෙරමුණ, දේශ විමුක්ති ජනතා පෙරමුණ යන පක්ෂවල නායකයන් සහ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු ද මෙම සත්‍යග්‍රහයට එක්ව සිටියා.