එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනෙකු අනිද්දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
නීතිය සහ අධිකරණ පද්ධතිය පිළිබඳ විශේෂ නියෝජිත මොනිකා ප්රින්ටො සහ මානව හිමිකම් සහ නීත්‍යානුකූල නොවන දඬුවම් සම්බන්ධයෙන් විශේෂ නියෝජිත ජුවාන් ඉ මෙන්ඩිස් ඒ අනුව මෙම සංචාරයට එක්වන විශේෂ නියෝජිතයින් දෙදෙනා වනවා.
2010 වසරෙන් පසුව නීත්‍යානුකූල නොවන දඬුවම් සහ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ජගත් සංවිධාන නියෝජිතයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ පළමු වතාවටයි.
ඔවුන් ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුළදී අදාළ විෂයන් භාර රජයේ අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරින් , අධිකරණ පද්ධතියේ සාමාජිකයින්, නීතිපතිවරයා සහ නීතීඥවරුන් ද හමුවනු ඇති.
එමෙන්ම, මොවුන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් , මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් සහ වින්දිතයන් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මුණ ගැසීමට නියමිතයි.
ඊට අමතරව ජගත් සංවිධාන විශේෂ නියෝජිතයින් දෙදෙනා උතුර, උතුරුමැද , නැගෙනහිර , මධ්‍යම සහ දකුණු පළාත්වල ද සංචාරයේ නිරත වනවා. සංචාරය සම්බන්ධයෙන් මොවුන් විශේෂ මාධ්‍ය හමුවක් මැයි මස 7 වනදා පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.