ධීවරයින් 6 දෙනෙකු අතුරුදන්

Wednesday, 27 April 2016 - 13:46

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයින් 6 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

පසුගිය 19 වනදා පස්වරුවේ මොවුන් මුහුදු ගොස් ඇති අතර අතුරුදන්වීම සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ බතලවත්ත - එගොඩගොඩ සහ හික්කඩුව ප්‍රදේශයේ ධීවරයින් පිරිසක්.

මොවුන් සෙවීම සඳහා නාවික හමුදාව මෙහෙයුමක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.