විනය ගැන නිදහස් පක්ෂයෙන් වෙනස් කතාවක්

Wednesday, 27 April 2016 - 18:45

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කිරුළපණ මැයි දින රැළිය සංවිධානය කිරීම සඳහා පැමිණීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂය බෙදීමකට ලක්වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මාධ්‍යවේදීන් එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගන්නා විනය ක්‍රියාමාර්ග සම්බන්ධවයි.

ඒ ගැන අදහස් දැක්වීම පසුවට කල් තැබූ ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය තීරණ නිදහස් පක්ෂය නොගන්නා බවයි.