මෝදිගේ ඇරයුමින් ජනපති ඉන්දියාවට

Friday, 29 April 2016 - 7:29

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇරයුමකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලබන මාසයේ ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ උජ්ජායින් හි පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ වැඩසටහනකට ජනාධිපතිවරයා සහභාගිවීමට නියමිත බවයි එහි දැක්වෙන්නේ.

මැයි 13 වනදා ඇරඹෙන දෙදින චාරිාකාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතයි.

එය  නවදිල්ලියේදී හෝ උජ්ජායින් හිදී පැවැත්වෙනු ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා.

උජ්ජායින් හිදී පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ වැඩසටහන සංවිධාන කර ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විසින්.