පෙරටුගාමීන්, ජවිපෙ පොළොන්නරුවේදී ගැටේ

Friday, 29 April 2016 - 12:50

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
කම්කරු දිනයට අදාළව සැරසිලි කරමින් සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් තම සාමාජිකයන්ට අද අලූයම ප්‍රහාරයක් එල්ල කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. 

පොලොන්නරුව නගරයේදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තම සාමාජිකයන් දෙදෙනෙකු තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බවයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ. 

එමෙන්ම, තම පක්ෂයේ සාමාජිකයින් විසින් මැයි දිනයට අදාළව අලවා තිබූ පෝස්ටර්, කටවුට්, බැනර් සහ විවිධ ප්‍රචාරක ඉදිකිරීම් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් කඩා බිඳ දමා ඇති බවටද ඔවුන් චෝදනා කරනවා. 

මෙම පහරදීම සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසියට පැමිණිල්ලක්ද සිදුකළ බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ තවදුරටත් සඳහන් කළේ.