අලි රකින්න අප්‍රිකානු නායකයන් එක්වේ

Friday, 29 April 2016 - 14:02

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
අප්‍රිකානු මහද්වීපයේ අලි ගහණය රැකගැනීම සඳහා අප්‍රිකානු නායකයන්ගේ සමුළුවක් කෙන්යාවේදී අද ආරම්භ වනවා.

දැවැන්තයන්ගේ සමාජය ලෙස නම් කෙරුණු අප්‍රිකානු අලින් වෙසෙන රටවල නායකයන් මෙම සමුළුවට එක්වන අතර එය පැවැත්වෙන්නේ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා ගේ ප්‍රධානත්වයෙන්.

රාජ්‍ය නායකයන්ට අමතරව වන සත්ව සංරක්ෂණ සංවිධාන, ව්‍යාපාරික නායකයන් සහ විද්‍යාඥයන්ද අප්‍රිකානු අලි සමුළුවට එක්වනු ඇති.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ පසුගිය සියවසක කාලය තුළ අප්‍රිකාවේ අලි ගහණය සියයට 90 කින් පහත වැටී ඇති අතර ඉදිරි දශක කිහිපය තුළ අලින් අප්‍රිකානු මහද්වීපයෙන් තුරන්වීමේ අවදානමක් පවතින බවයි.

 සමුලූවට සමගාමීව අප්‍රිකානු ඇතුන් 6700 කගේ ඇත් දළ ටොන් 105 ක් විනාශ කිරීමද සිදු කෙරෙනවා.

මෙම ඇත් දළ නීතිවිරෝධී ජාවාරම්කරුවන්ගෙන් අත්අඩංගුවට ගත් ඒවායි.  

අප්‍රිකාවේ අලි ඇතුන් හතර ලක්ෂ 50000 ත් පන් ලක්ෂයත් අතර සිටින බව විශ්වාස කෙරෙන අතර සෑම වසරකදීම දළ ලබාගැනීම සඳහා ඝාතනයට ලක්වන ඇතුන්ගේ සංඛ්‍යාව 30 000 කට අධිකයි.