13ක් මිය ගිය නෝර්වේ හෙලිකොප්ටර් අනතුර සිදුවූ හැටි මෙන්න

Saturday, 30 April 2016 - 8:34

13%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
නෝර්වේ රාජ්‍යයේ බර්ගන් නුවරට ඔබ්බෙන් මුහුදට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ වාර්තා වූ මෙම අනතුරේදී මිය ගිය 11 දෙනෙකුම නෝර්වීජියානු ජාතිකයන් වන අතර, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ ඉතාලි ජාතිකයෙකු ද එහිදී ජීවිතක්ෂයට පත්වුණා.

හෙලිකොප්ටර් යානය බර්ගන් වෙත පැමිණ ඇත්තේ මුහුදු තෙල් අටලූවක සිටයි.

එය උතුරු මුහුදේ තෙල් සහ ගෑස් ගවේෂණ මධ්‍යස්ථානය ලෙස සැලකෙනවා.

කඩා වැටුණු හෙලිකොප්ටරය මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇති අතර, මිය ගිය පුද්ගලයන් 11 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති බව සදහන්.  

විනාශ වූ හෙලිකොප්ටරයේ කළු පෙට්ටි දෙකම සොයාගෙන ඇති අතර ඒ අනුව පරීක්ෂණ ක්‍රියාත්මක වන බව නෝර්වේ බලධාරීන් ප්‍රකාශ කළා.

එතෙක් විනාශයට පත්වූ යුරෝකොප්ටර් - සුපර් පූමා වර්ගයේ හෙලිකොප්ටර් යානා භාවිතය වහාම අත්හිටුවීමටයි නෝර්වේ රජය පියවර ගෙන ඇත්තේ.