ගුවනින් ගිය සිංහයෝ

Saturday, 30 April 2016 - 9:59

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%9D
ලතින් ඇමරිකානු පේරු සහ කොළොම්බියා රාජ්‍යවල සර්කස් කණ්ඩායම් සඳහා යොදවාගෙන සිටියදී මුදා ගත් සිංහයන් 33 දෙනෙකු ගුවන් මගින් දකුණු අප්‍රිකාවට රැගෙනවිත් තිබෙනවා.

ඊයේ මෙම සතුන් තොගය ගුවන්ගත කෙරුණේ සත්ත්ව අවිහිංසා සංවිධානවල සහායෙන්.

එම සිංහයන් දකුණු අප්‍රිකානු වන රක්ෂිතයකට මුදා හැරීමට නියමිතයි.

මෙම අප්‍රිකානු සිංහයන් ලතින් ඇමරිකාවේ සර්කස් කණ්ඩායම්වල වධ හිංසාවලට ලක්ව සිටි බවයි වාර්තා වන්නේ.