උතුරු කොරියාවට එරෙහිව බැලූන් ප්‍රචාරක ව්‍යාපාරයක්

Saturday, 30 April 2016 - 11:19

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උතුරු කොරියානු කොමියුනිස්ට් රාජ්‍යයේ ප්‍රතිපත්ති විවේචනය කරන පත්‍රිකා තුන්ලක්ෂයක් උණුසුම් වායු පිරවූ බැලූන් මගින් එරට වෙත මුදා හැරීමට දකුණු කොරියානු ක්‍රියාකාරීන් පිරිසක් කටයුතු කළා.

දේශසීමා ප්‍රදේශයේදී ඊයේ මෙම බැලූන් නිකුත් කිරීම සිදුව ඇති අතර, ඒ සඳහා උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට සංක්‍රමණය වූ පිරිස් ද එක්ව සිටි බව විදෙස් වාර්තා සදහන් කළා.

උතුරු කොරියාව මෑතකදී සිදුකළ න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර පවතින්නේ උණුසුම්කාරී වාතාවරණයක්.