ගාල්ලේ මැයි රැළියට අපේ සහාය අවශ්‍ය නැහැ

Saturday, 30 April 2016 - 13:18

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගාල්ල - සමනල ක්‍රීඩාංගණයේ පවත්වන මැයි රැළිය සඳහා ජනතාව ගෙන්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කිසිදු පුද්ගලයෙකුගේ උපකාරයක් අවශ්‍ය නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මල්වතු - අස්ගිරි මහ නාහිමියන් බැහැදැකීමට ඊයේ ගිය අවස්ථාවේදීයි.

එහිදී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට එක්සත් ජාතික පාක්ෂිකයින් ගෙන යන බවට ඒකාබද්ධ විපක්ෂය සිදුකරන ප්‍රකාශ පිළිබඳව විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි  අමාත්‍ය සජිත් ප්‍රේමදාස මේ බව සදහන් කළේ.