Update : කිරුළපනට පැමිණි මහින්ද ඇතුළු මන්ත්‍රීවරුන් 40 මෙන්න

Sunday, 01 May 2016 - 17:46

Update+%3A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+40+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඔවුන්ගේ මැයි දින පෙළපාලිය නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය ඉදිරිපිටින් ආරම්භ වුණේ අධිකරණ නියෝගයක් මත ශාලිකා ක්‍රීඩාංගණයට ඇතුළුවීම ඒකාබද්ධ විපක්ෂයට තහනම් කර තිබීම හේතුවෙන්.

ශාලිකා ක්‍රීඩාංගණය අවට මාර්ගවල සිට ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාලියට සහාය පළ කළ පිරිස් ප්‍රධාන පෙළපාලියට එක්වූ අතර පස්වරු 3 පමණ වන විට පෙළපාලිය ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයට ඇතුළුවීම ආරම්භ වුණා.

ඒ වන විටත් ක්‍රීඩාංගණයට විශාල පිරිසක් එක්ව සිටි බවයි එම ස්ථානයේ සිටි අප මාණ්ඩලික වාර්තාකරු ප්‍රකාශ කළේ.

දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, තිස්ස විතාරණ යන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ ද එම මැයි රැළියට එක්වීම විශේෂත්වයක්.

ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, සී.බී. රත්නායක, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, විදුර වික්‍රමනායක, ප්‍රසන්න රණතුංග ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙකු ද මැයි රැළියට එක්වුණා.

ඒ, ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන්ට අමතරවයි.

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය අමතමින් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කළේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙම මැයි රැළියට එක්වන බවයි.



Update :  Sunday, May 1, 2016 18.37
---------------------------------------------

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මීට සුලු මොහොතකට පෙර එක්වුණා.  

ජන සටනට පණ පොවමු යන මැයෙන් මෙම මැයි රැළිය පැවැත්වෙන්නේ කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී.

අතිවිශාල ජනකායක් ජන රැළියට එක්වී සිටින බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ.