තිරප්පනේ ත්‍රිපුද්ගල ඝාතනයේ තොරතුරු රැසක් හෙළිවේ

Monday, 02 May 2016 - 7:36

%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
තිරප්පනේ - සෙලෙස්තිමඩුව ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ තිබී සොයාගත් වෙඩි වැදී මියගිය පුද්ගලයන් තුන්දෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ඔවුන් පැමිණ ඇති මෝටර් රථය මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් එකක් බවයි.

එමෙන්ම එම මෝටර් රථය කෑගල්ල ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබාදෙන ආයතනයක් වෙත ලබාදී තිබෙනවා.

ඉන් අනතුරුව එම ආයතනය විසින් අදාළ මෝටර් රථය මහනුවර ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබාදෙන තවත් ආයතනයක් වෙත ලබාදී ඇති බව සදහන්.

ඒ අනුව එම ආයතනයෙන් මෙම මෝටර් රථය මිය ගිය සරත් බණ්ඩාර නොහොත් එස් එෆ් බණ්ඩා රැගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මීට අමතරව සිද්ධිය වන දිනයේදී අදාළ මෝටර් රථය අවස්ථා කිහිපයකදී අනුරාධපුර නගරයේ ධාවනය වී ඇති ආකාරය සී සී ටී වී දර්ශනවල සටහන් වී තිබෙනවා.

එම දර්ශන ඔස්සේ ද පරීක්ෂණ ක්‍රියාත්මක බව සදහන්.

වෑන් රථයක් තුළ වෙඩි වැදී මියගිය පුද්ගලයන් තුන් දෙනෙකුගේ මළ සිරුරු තිරප්පනේ - සෙලෙස්තිමඩුව ප්‍රදේයේදී සොයා ගැනුනේ පෙරේදා පස්වරුවේදියි.

පොලීසිය එම ස්ථානයට යනවිටත් මෝටර් රථය පණ ගැන්වී තිබුණා.  

එහිදී මියගිය පුද්ගලයින්ගේ් අනන්‍යතාව තහවුරු කරගැනීමට පොලීසිය සමත්වූ අතර, ඒ අනුව මියගිය එක් අයෙකු නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සරත් බණ්ඩාර නොහොත් එස් එෆ් බණ්ඩා ලෙස හඳුනාගෙන තිබෙනවා.

මොහු මනුෂ්‍ය ඝාතන ඇතුලූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි හෙළිවී ඇත්තේ.

මීට වසර දෙකකට පෙර අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ත්‍රස්තවාදී සැකකරුවන් දියත් කළ විරෝධතාවට නායකත්වය ලබාදුන්නේ මොහු බවටද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ අනෙක් පුද්ගලයන් වන්නේ 24 හැවිරිදි යූ සමන් කුමාර සහ ගාල්ල ගිංතොට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි එම් ජී ප්‍රදීප් කුමාරයි.