මහින්දගේ යුධ හමුදා ආරක්ෂාව අද සිට ඉවත් කරයි

Monday, 02 May 2016 - 10:42

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සාමාජිකයන් 50 දෙනෙකු අද සිට ඉවත් කර ඇති බව ඔහුගේ පෞද්ගලික මාධ්‍ය ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකු බණ්ඩාර පවසනවා.

ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සාමාජිකයන් එකසිය දෙදෙනාම හමුදා මූලස්ථානයට කැඳවා ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයාට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව වෙනුවට පොලිස් ආරක්ෂාව යෙදවීමට ආරක්ෂක මණ්ඩලය පසුගියදා තීරණය කර තිබූ අතර, ඒ අනුවයි මෙලෙස හමුදා භට පිරිස් යළි හමුදා මූලස්ථානය වෙත කැඳවා ඇත්තේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අද ඉවත්ව යන හමුදා සාමාජිකයන්ගේ සේවය ඇගයීමකටද ලක් කර තිබෙනවා.

ඒ, මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේදියි.