අයි.එස්. ප්‍රහාර ඉහළට

Monday, 02 May 2016 - 13:08

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අයි.එස්. කැරළිකරුවන් ඉරාකය සහ සිරියාව තුළ සිදුකරන ත්‍රස්ත ප්‍රහාර ඉහළ ගොස් තිබෙනවා.

මෙම වසරේ මුල් කාර්තුව තුළදී ප්‍රහාර 891 ක් සිදුව ඇති අතර, ඉන් පුද්ගලයින් 2150 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

පසුගිය වසරේ අවසන් මාස තුන හා සැසඳීමේදී මෙය සියයට 44 ක වැඩිවීමක්.

අයි.එස්. ත්‍රස්තවාදීන් ඉරාකයට සහ සිරියාවට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ 2014 වසරේදියි.