හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා යොදවා තිබී ඉන් ඉවත් කරගත් හමුදා සාමාජිකයින් සංඛ්‍යාවට සමානව විශේෂ කාර්ය බලකායේ භට පිරිසක් අනුයුක්ත කර ඇති බව හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසනවා.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කළ හෝ දැනට ඉවත් කරගන්නා ලද භට පිරිස් සංඛ්‍යාව සම්බන්ධයෙන් ආරක්ෂක හේතූන් මත කිසිදු ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව ද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සාමාජිකයන් එකසිය දෙදෙනාම හමුදා මූලස්ථානයට කැඳවා ඇති බව ඔහුගේ පෞද්ගලික මාධ්‍ය ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකු බණ්ඩාර අද කියා සිටියා.