ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් තිබූ රුපියල් ලක්ෂ 34ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මීගමුව පෙරියමුල්ල ප්රදේශයේ පදිංචි ඇඟලූම් කම්හලක විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කරන 45 හැවිරිදි පුද්ගලයෙකු බව සදහන්.
මොහු ඉන්දියාවේ සිට කටුනායකට මෙම විදේශීය දුම්වැටි තොගය තැරැව්කරුවන් හරහා ගෙනවිත් ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
ඔහු කලක සිට මීගමුව ප්රදේශයේ ආපන ශාලා වෙත නියමිත මිලට අඩුවෙන් තොග වශයෙන් දුම්වැටි අලෙවි කර ඇති බව පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබෙනවා.