ඉතාලියේ මුර සංචාරයට චීන පොලීසිය

Tuesday, 03 May 2016 - 12:29

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA
ඉතාලියේ සුප්‍රකට රෝම සහ මිලාන් නගරවල වීථි මුර සංචාරය සඳහා චීන පොලිස් භට කණ්ඩායමක් යෙදවීමට දෙරට අතර එකඟත්වයක් ඇති වී තිබෙනවා.

ඉතාලි බස කතා කළ හැකි එම චීන පොලිස් භට කණ්ඩායම අද සිට මැයි 13 වන දා දක්වා පරීක්ෂණ මෙහෙයුමක් ලෙස මුර සංචාර ආරම්භ කරන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

වසරකදී චීන ජාතිකයන් තිස් ලක්ෂයක් පමණ ඉතාලියේ සංචාරය කරනවා.

මේ, චීන ජාතිකයන්ගේ ඉතාලි සංචාරක සමයයි.

මේ හේතුවෙන් චීන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස චීන පොලිස් භට කණ්ඩායමක් යොදවන බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇන්ජලීනෝ අල්ෆානෝ ප්‍රකාශ කළා.