පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ 5 දෙනෙකුට මරණ දඬුවම

Tuesday, 03 May 2016 - 14:14

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
මොරටුව - ලුනාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ 5 දෙනෙකුට පානදුර පළාත්බඳ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.

මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මෙලෙස දඬුවම් නියම කළේ ලුනාව ප්‍රදේශයේම පදිංචිකරුවන් 5 දෙනෙකුටයි.

නඩුවේ දෙවන විත්තිකරු සියලුම චෝදනාවලින් නිදහස් කළ විනිසුරුවරයා අධිචෝදනා 13කට සෙසු විත්තිකරුවන් වරදකරුවන් බව ප්‍රකාශ කළා.

2002 වසරේ ජනවාරි 7 වන දා මොවුන් අතින් ඝාතනයට ලක්ව තිබුණේ ලුනාව ප්‍රදේශයේම පදිංචි ප්‍රදීප් කුමාර නැමැති පුද්ගලයෙක්.