දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමක් ?

Wednesday, 04 May 2016 - 10:02

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%3F
ගාල්ල සහ මාතර අතර දුම්රිය ධාවනය මේ මස 7 සහ 8 යන දෙදින තුළ තාවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඒ ගාල්ල සහ තල්පෙ දුම්රිය ස්ථාන අතර ඇති කටුගොඩ පාලමේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව ලබන 6 වැනිදා රාත්‍රී 9 න් පසු ගාල්ල මාතර අතර දුම්රිය ධාවනයක් සිදු නොවන අතර 9 වැනිදා අලූයම සිට නැවත දුම්රිය ධාවනයන් පෙර පරිදි සිදුවන බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි නාලක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, කොළඹ සිට ගාල්ල දක්වා සහ ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් නියමිත වේලාවන්ට ධාවනය වනු ඇති.