මන්ත්‍රී ගුටි කෙළිය ගැන සී.සී.ඞී.ය පරීක්ෂණ අරඹයි

Wednesday, 04 May 2016 - 13:19

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%9E%E0%B7%93.%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු සභා ගර්භයේ ඊයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ප්‍රශ්න කිරීමත් සමඟ ඊයේ (03) මෙම ගැටුම හට ගත්තා.

මේ නිසා පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා එල්ල වූ අතර අද පස්වරුව දක්වා කල් තැබීමටයි කථානායකවරයා පියවර ගත්තේ.

ගැටුමෙන් තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සංදිත් සමරසිංහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඔහු මේ වනවිටත් එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර, මෙම ගැටුම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව අද භාරදීමට නියමිතයි.

එය අද දහවල් 12 ට කථානායකවරයාට භාරදීමට නියමිත බවයි නියෝජ්‍ය කථානායක කාර්යාලය සඳහන් කළේ.