ඇඹිලිපිටියේ පරීක්ෂණ 18 ට පෙර අවසන් කරන්න - CCD යට නියෝග

Wednesday, 04 May 2016 - 13:31

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+18+%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+CCD+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
ඇඹිලිපිිටියේ පැවති සාදයක් අතරතුර සුමිත් ප්‍රසන්න නමැති තරුණයා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරි ඞී.ඩබ්ලිව්. චමින්ද ධර්මරත්න මේ මස 18 වැනිදා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරු ඇඹිලිපිටිය අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු හමුවට අද (04) ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණ කටයුතු එදිනට පෙර අවසන් කරන ලෙසට අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කළා.

සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා අද පෙරවරුවේ කුරුවිට බන්ධනාගාරයේ සිට අධිකරණයට ගෙනවිත් තිබුණේ ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.

ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර පොලිසිය සමඟ ඇතිවූ ගැටුමකින් සුමිත් ප්‍රසන්න මියගියේ පසුගිය ජනවාරි 07 වැනිදායි.

එමෙන්ම අධිකරණ නියෝගයකට අනුව සුමිත් ප්‍රසන්නගේ මළ සිරුර මාර්තු මස 15 වනදා ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු ඉදිරියේ යළි ගොඩගනු ලැබුවා.