පාලිත රංගේ බණ්ඩාරට කොළඹ මහාධිකරණයෙන් අද අධි චෝදනා

Wednesday, 04 May 2016 - 13:35

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
රුපියල් ලක්ෂ 54ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාව මත රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට කොළඹ මහාධිකරණය අද අධි චෝදනා බාර දුන්නා.

තමන්ට මන්ත්‍රී වරප්‍රසාද යටතේ හිමිවන වාහන බලපත්‍රය වසර 05කට පසු වෙනත් පුද්ගලයෙකුට පවරා දෙන බව පවසා රුපියල් ලක්ෂ 54ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩකිරීමේ චෝදනාව මත දිනේෂ් රත්නායක නමැති පුද්ගලයා විසින් මොහුට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

එම නඩුව අද කැදවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව හමුවේයි.

මෙම නඩුව සැප්තැම්බර් මස 06 වැනිදා යලි කැදවීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසට ද පොලිසියට දැනුම් දුන්නා.