ඩයිනෝසර් ගැන අලුත්ම කථාවක්

Wednesday, 04 May 2016 - 14:16

%E0%B6%A9%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B7%83%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මිහිමත ජීවත් වු ඩයිනෝසර් සත්වයන් මිහිමතින් තුරන් වී ගොස් ඇති ආකාරය පිළිබඳ නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

මීට පෙර විශ්වාස කෙරුනේ ඩයිනෝසර් සත්වයන් වඳවී යාම සිදුවුයේ මීට වසර මිලියන 66 කට පමණ පෙර උල්කාපාතයක් පෘථිවියේ ගැටීමෙන් හෝ කිසියම් ග්‍රාහකයක් ප්‍රථිවියේ ගැටීමෙන් බවයි.

කෙසේවෙතත් නවතම අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ එම ග්‍රාහක සහ උල්කාපාත ගැටීමට පෙර ඩයිනෝසර් සත්වයන් මිහිමතින් තුරන් වී ඇති බවයි.

එම සිදුවීමට වසර මිලියන ගණනකට පෙර ප්‍රාග් ඓතිහාසික සත්වයන් වඳවී ගොස් ඇති බවට එම අධ්‍යයනයේදී හෙළිව ඇතැයි සඳහන්ග මෙම විමර්ශණය සිදුකල විද්‍යාඥයන් ද ලැබුනු ප්‍රතිඵලය පිළිබඳ පුදුමයට පත්ව ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මිහිමත සිටි අවසන් ඩයිනෝසර් සත්වයාගේ මරණයට උල්කාපාතයක් හෝ ග්‍රහකයක් හේතු වන්නට ඇත්දැයි තවමත් විමර්ශණ සිදු කෙරෙමින් පවතින බව විමර්ශණකයන් පෙන්වාදී තිබෙනවා.

ඩයිනෝසර් සත්වයන්ගේ පොසිල සහ ඔවුන්ගේ නිජ භූමි ආශ්‍රිතවයි මෙම පරීක්ෂණ සිදුකර ඇත්තේ.