ෆේස් බුක් සමාගමට ඉතාලියෙන් ඉල්ලීමක්

Wednesday, 04 May 2016 - 14:23

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ව්‍යාජ ෆේස් බුක් ගිණුම් සම්බන්ධ සියලු තොරතුරු ලබාදෙන්නැයි ඉතාලි දත්ත ආරක්ෂණ ඒකකය ෆේස් බුක් සමාගමට නියෝග කර තිබෙනවා.

කිසියම් අයෙකුගේ නමින් ආරම්භ කර ඇති ව්‍යාජ ගිණුම් එහි ඇතුලත් තොරතුරු ඡායාරූප සහ එම ගිණුම පවත්වාගෙන යන පුද්ගලයාගේ තොරතුරු තමන්ට ලබාදෙන ලෙසටයි ඔවුන් ෆේස් බුක් සමාගමට දන්වා ඇත්තේ.

ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් කිසියම් හෝ පුද්ගලයකුගේ ප්‍රතිරූපයට හානි කරන පුද්ගලයන් හඳුනා ගැනීම ඉතාලි බලධාරීන්ගේ වැඩපිළිවෙලේ අරමුණයි.

කෙසේවෙතත් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ෆේස් බුක් සමාගම මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.

එමෙන්ම අදාළ දත්ත ලබාදෙන්නේ ද නැත් ද යන්න පිළිබඳව ද ඔවුන් කිසිවක් ප්‍රකාශකර නොමැති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

තමාගේ නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යන අයෙක් පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි ඉතාලි ජාතිකයකු කල ඉල්ලීමකට සමාගමෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හමුවේ ඉතාලි දත්ත ආරක්ෂණ ඒකකය මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.