පොලිසියෙන් පැන සැගව සිටි විත්තිකරුවෙකු වසර 10 කට පසු අත්අඩංගුවට

Thursday, 05 May 2016 - 15:16

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9C%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බාලවයස්කාර දැරියක් දුෂණය කර සිරදඩුවම් විඳිමින් සිටියදී පොලිස් ග්‍රහණයෙන් පලාගොස් සැගව සිටි විත්තිකරුවෙකු වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේදී හලාවත කොට්ඨාශ නොවිසඳුණු නඩු මෙහෙයුම් ඒකකය අද අත්අඩංගුවට ගත්තා.

1997 වසරේදී 12 හැවිරිදි දැරියක් දුෂණය කර ඇගේ රන් කරාබු කොල්ලකෑමේ චෝදනාවට වරදකරු වී වසර 39 ක සිරදඩුවමක් නියමව සිටියදී සැකකරු පොලිස් ග්‍රහණයෙන් පලාගොස් තිබෙනවා.

ඉන් අනතුරුව වසර 10 ක කාලයක් සැගව සිටි සැකකරු වයික්කාල ප්‍රදේශයේ උළු මෝලක වෙනත් නමකින් පෙනී සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු මේ වනවිට කාන්තාවන් 3 දෙනෙකු සමග විවාහ වී ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.