මේජර් ජෙනරාල් සුමිත් මානවඩු ජීවිතක්ෂයට

Friday, 06 May 2016 - 7:05

%E0%B6%B8%E0%B7%99%E0%B7%8A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
හදිසි අනතුරකින් බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණු යුද හමුදා කාලතුවක්කු බලකායේ කර්නල් සේනා විධායක මේජර් ජෙනරාල් සුමිත් මානවඩු අද අලූයම මියගොස් තිබෙනවා.

පසුගිය බදාදා දෙල්කඳ - කැස්බෑව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ඉදිකිරීමක් නිරීක්ෂණයට ගිය අවස්ථාවේ පරාලයක් හිස මත කඩා වැටීමෙන් මේජර් ජනරාල්වරයා බරපතල තුවාල ලැබුවා.

අනතුරුව කොළඹ ජාතික රෝහලේ බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද අලූයම මියගිය බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සදහන් කළේ.

පසුගිය 2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු එහි අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගනු ලැබුවේ මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා කණ්ඩායමක් විසින්.