ජනපතිට හා අගමැති තර්ජනය කළ පුද්ගලයා යළි රිමාන්ඩ්

Friday, 06 May 2016 - 11:37

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තර්ජනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 20 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔහු අද (06) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුගේ ජංගම දුරකතනය සහ ඊට අදාළ උපාංග කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයට යොමුකර පරීක්ෂා කරන ලෙසයි.

අද දිනයේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඔහුට ඇප ඉල්ලා සිටි අතර, ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය පළ කළා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැකකරුට ඇප ලබාදීම පරීක්ෂණවලට බාධාවක් වනු ඇති බවයි.

ඒ අනුවයි කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු යළිත් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ.

මලයාසියාවේ සිට පසුගිය 28 වනදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී රහස් පොලීසිය සැකකරු අත්අඩංගුවට ගත් අතර, ඔහු යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මලයාසියාවේ රැඳී සිටියදී ඔහුව පිටුවහල් කිරීම නිසා මෙරටට පැමිණ තිබෙනවා.