පිහියකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Friday, 06 May 2016 - 11:36

%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AB+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පුත්තලම - පාලවිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකු පිහියකින් ඇණ ඝාතනය කර තිබෙනවා.

පුද්ගලයින් දෙදෙනෙකු අතර මුදල් ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පිහිඇනුම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

පිහි ඇනුමෙන් තුවාල ලැබූ පුද්ගලයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු 35 හැවිරිදි මදුරන්කුලිය - කරිකට්ටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරු ද ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.