කැළණිය සරසවියේ ශිෂ්‍යාවකට නවක වදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සරසවි සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, දැනට සිසුවියන් 4 දෙනෙක් සහ සිසුන් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් අද (06) රාගම අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකළා.
ඉන් අනතුරුව මොවුන් මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සිසුන් පිටබැද්දර, ඌරුබොක්ක, නිට්ටඹුව, රුවන්වැල්ල සහ නාරම්මල ප්‍රදේශවල පදිංචිකරුවන්.
නවක සිසුවියන් වසරක් යනතුරු දිග කලිසම් නොඇදිය යුතුයැයි ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පනවා ඇති බව කියන නීතියට පටහැනිව ක්‍රියා කිරීම මෙම සිසුවිය නවක වදයට ලක් වීමට හේතුවයි.
එහිදී ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් තමාට පරුෂ වචනයෙන් බැන මානසික හිංසනයට ලක් කළ බවට ඇය පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබුණා.
ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි කැළණිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ.
මේ අතර, කැළණිය සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබෙනවා.