ඉන්ධන හිගය ගැන ඇත්ත මෙන්න

Friday, 06 May 2016 - 12:54

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
රට තුළ ඉන්ධන හිගයක් ඇති වීමේ කිසිදු අවදානමක් නොමැති බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

කෙසේ වෙතත්, ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන්කුමාර සදහන් කළේ ඉදිරි දින කිහිපය තුළ රට තුළ ඉන්ධන හිගයක් ඇතිවිය හැකි බවයි.

මේ ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අදහස් දැක්වූ ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියා සිටියේ කිසිදු ආකාරයේ ඉන්ධන හිගයක් රට තුළ නොමැති බවයි.

එමෙන්ම අවශ්‍ය තරම් ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුවන බව ද ඔහු කියා සිටියා.