සැක කටයුතු ලෙස මිය ගිය තරුණ සිරුරක් වරකාපොළින්

Friday, 06 May 2016 - 14:01

%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
අතුරුදන්වූ බවට වාර්තා වූ මහනුවර - දිගන ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකුගේ බවට සැක කෙරෙන මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

මෙම තරුණයා ඔහුගේ නිවසේ කාමරයක් කුලියට ගෙන සිටි වරකාපොළ ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ඔහුගේ නිවසට යන බව පවසා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය අප්‍රේල් 21 වන දායි.

පසුව ඔවුන් අතුරුදන් වී ඇති බවට පවුලේ ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව දිගන පදිංචි තරුණයාගේ සිරුර අද වරකාපොළ ප්‍රදේශයේ වන ලැහැබක තිබී සොයාගෙන ඇති අතර වරකාපොළ පදිංචි තරුණයා පිළිබද මෙතෙක් තොරතුරක් ලැබී නැහැ.