නවක සිසුවියකට වධ දුන් අයට වෙච්චදේ ?

Friday, 06 May 2016 - 14:58

%E0%B6%B1%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%B0+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AF%E0%B7%9A+%3F
කැලණිය සරසවියේ ශිෂ්‍යාවකට නවකවදය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුවියන් 04 දෙනා සහ සිසුන් 3 න් දෙනා මේ මස 17 දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, ඔවුන් මහර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

අදාළ සිසුවියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද රාගම අධිකරණ වෛද්‍යවරයා වෙත ද අද යොමු කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පිටබැද්දර, ඌරුබොක්ක, නිට්ටඹුව, රුවන්වැල්ල සහ නාරම්මල ආදි ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකාර සිසු සිසුවියන් පළමු වසරේ සිසුවියකට නවකවදය ලබාදී තිබුණේ වසරක් යනතුරු නවක සිසුවියන් දිග කලිසම් ඇදිමෙන් වැළකිය යුතු බවට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පනවා ඇති බව කියන නීතියට එරෙහිව ක්‍රියා කළ බව පවසමින්.

ජ්‍යෙෂ්ඨ සිසුවියන් තමාට පරුෂ වචනයෙන් බැන මානසික හිංසනයට ලක් කළ බවට ඇය කිරිබත්ගොඩ පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි පසුගිය දා මෙම පිරිස අත්අඩංගුවට ගැනුනේ.

මේ අතර, කොළඹදී අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළේ මෙය යහපාලන ආණ්ඩුවේ ශිෂ්‍ය මර්ධනයේ තවත් එක් පියවරක් බවයි.

මෙම සිසුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ගිෂ්‍ය සංගමය ද අද පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.  

අදාළ සිසුන් අත්අඩංගුවට ගැනීම පදනම් විරහිත බව ප්‍රකාශ කරමින් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් ද පේරාදෙනිය ගලහ හන්දියේ සිට අද විරෝධතාවක නිරතවූ අතර ඒ හේතුවෙන් පැයක පමණ කාලයක් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන තදබදයක් පැවති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර, රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයම ද ඊට විරෝධය පළ කරමින් අද උද්ඝෝෂණයක නිරත වුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ආචාර්ය චාමින්ද අබේසිංහ අදහස් පළ කළ අතර ඔහු කියා සිටියේ විශ්වවිද්‍යාලය තුළ මානසික නවකවදය ඉහළ ගොස් ඇති බවයි.

අදාළ සිසුවිය මේ සම්බන්ධයෙන් තමන් දැනුවත් කළ විගස ඊට අදාළව පියවර ගත් බව ඔහු සදහන් කළා.