ඇමරිකාව අවි තහනම ඉවත් කරයි

Saturday, 07 May 2016 - 7:17

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ අවි තහනම ඉවත් කර තිබෙනවා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක වෙළඳ පාලන අධිකාරිය මගින් ඒ බව පසුගිය මැයි 4 වන දා ප්‍රකාශයට පත් කර ඇතැයි ජේන්ස් ආරක්ෂක වෙබ් අඩවිය සඳහන් කළා.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය මගින් ශ්‍රී ලංකාවට සිදුකරන ආරක්ෂක අපනයනයන් සඳහා පනවා තිබූ තහනම ඉවත් වනවා.

එමෙන්ම බලපත්‍ර සඳහා වන අයදුම්පත් එක් එක් සිද්ධියට අදාළව සලකා බැලීමට පියවර ගැනෙනු ඇති.

ඇමරිකා එක්සත් ජනපදය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව අවි අපනයන තහනමක් පනවනු ලැබුවේ මෙරට පැවති යුද්ධයට ප්‍රතිචාර දක්වමින්.

එහිදී ශ්‍රී ලංකාවට ඇමරිකානු අවි අපනයන ලබා ගැනීම අත්හිටුවා තිබුණා.

එම තහනම ක්‍රියාත්මක නොවූයේ බිම් බෝම්බ ඉවත් කිරීම, ආපදා සහන, ගුවන් සහ නාවික සන්නිවේදන උපකරණ සඳහා පමණයි.


මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More